හොර සැප වාහන 112 ක් පැවරීම තහනම් කරයි


(ඔගස්ටා පෙරේරා)
රේගුවට හොරෙන් ආනයනය කර  ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගි වාහන 112 ක් පැවරීම වළක්වමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගයක් අද (22) නිකුත් කළේය.
රුපියල් කෝටි හතරේ සිට හය දක්වා වටිනාකමින් යුත් මොන්ටෙරෝ සහ ලැන්ඩ්කෲසර් අධි සුඛෝපභෝගී කැබ් සහ නිසාන් වර්ගයේ අධි සුඛෝපභෝගී ද්විත්ව කාර්  රථ ඇතුළු වාහන 112 ක් නීති විරොා්ධීව ආනයනය කර රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් කිරීම සම්බන්ධයෙන්  විමර්ශන සිදු කරන බැවින් අදාළ නියෝග නිකුත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීමක් අනුව මෙම තහනම් නියෝග නිකුත් කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.