‘
(ෂෙනික ගමගේ)
දියතලාව ‘ෆොක්ස්හිල්’ මෝටර්රථ තරගාවලිය අතරතුරේ පුද්ගලයන් හතක් මණයට පත්කරමින්, පුද්ගලයන් 21 කට බරපතළ තුවාල වූ මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ තරගකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසියේ උසස් නිලධාරියෙක් අද (22) පෙරවරුවේ පැවසීය.
එහිදී අංක 5 යටතේ තරග කළ මාතර මැදපාර හිත්තැටිය ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි සහ අංක 196 යටතේ තරග කළ පේරාදෙණිය මාකන්ද ප්රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගත් බවත් ඔවුහු මෝටර් රථ අනතුරෙන් තුවාල ලබා දියතලාව මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්රතිකාර ලබමින් සිටින බවත් එම පොලිස් නිලධාරියා කීය.


