(සාලිය සමන්)
සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවලදී සජිත් ප්රේමදාස මහතාට විවාදයට සහභාගි විය නොහැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී නලීන් බණ්ඩාර මහතා අද (23) පැවසීය.
ජාතික ජන බලවේගය යොමු කළ දින හතරේදී ඊට පෙර යොදාගත් රාජකාරී ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.
ජාතික ජනබලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා හමුවී පක්ෂ දෙකටම හැකි දිනයක විවාදය යොදාගන්නා බවත් පක්ෂ දෙකේ නායකයන් දෙදෙනා අතර සහ ආර්ථික කමිටු අතර විවාදයට එකඟතාව පළවිය යුතු බවත් බණ්ඩාර මහතා කීය.
එම විවාදය ලබන මැයි මස 7, 9, 13 හෝ 14 යන දින හතරෙන් දිනයකින් පැවැත්විය හැකි බව ජාතික ජන බලවේගය ඊයේ සමඟි ජන බලවේගයට දැනුම් දී තිබුණි.


