‘ගම්පහ ඔස්මන්’ නැවතත් මරණයෙන් ගැලවෙයි


(විරාන් පෙරේරා)
ගම්පහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන ඔස්මන් ගුණසේකර, සිංහල අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙක් ටී56 ගිනි අවියක්, රිවෝල්වරයක් සහ උණ්ඩ තොගයක් සමඟ පෑලියගොඩ  අපරාධ කොට්ඨාශය අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
වේවැල්දෙනිය  ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 30  හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවත් ඩුබායිවල රැදී සිටින්නේ යැයි කියන ගම්පහ නමගිය සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැළකෙන කෙහෙල්බද්දර පත්මේ සහ ඔහුගේ ගෝලයක් මෙම ඝාතනය සැළසුම් කර ඇති බවත් පොලිසිය කීය.
මෙම ඝාතනය සැලසුම සඳහා යොදා ගෙන තිබූ සුඛෝපභෝගී කැබ් රථයක් ගම්පහ නගරයේ පුද්ගලික රෝහලක රථ ගාලක නවතා තිබියදී බාරයට ගත් බව කී පොලිසිය ගම්පහ නගරයේදී හෝ යක්කලදී පැවැත්වීමට නියමිත අලුත් අවුරුදු උත්සවයකදී  ඔස්මන් ගුණසේකර ඝාතනය කිරීම සඳහා සැළසුම් කර ඇති බවට පොලිසිය ලැබුණු තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළේය.
ගම්පහ ප්‍රදේශයේ නමගිය චරිතයක් වන ඔස්මන් ගුණසේකර ඝාතනය කිරීමට මීට පෙර අවස්ථා කීපයකදී ද විවිධ පුද්ගගලයන් උත්සහ කළ බවත් එක අවස්ථාවකදී ඔහු යැයි වෙනත් පුද්ගලයන්ට වෙඩි තැබූ බවත් පොලිසිය වැඩි දුරටත් කීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.