මහින්දට වසරක සේවා දිගුවක්


(ඔගස්ටා පෙරේරා)
මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට වසරක සේවා දිගුවක් ලැබෙනු ඇතැයි මුදල් අමාත්‍යාශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සහ දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී මහින්ද සිරිවර්ධන මහතා වගකිවයුතු කාර්යභාරයක් ඉටුකිරීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලේකම්වරයාගේ කටයුතු සම්බන්ධයෙන් අගයකිරීමක සිටින බව ද මුදල් අමාත්‍යාශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මහින්ද සිරිවර්ධන මහතාගේ සේවා කාලය මෙම මාසයේ අවසන්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.