අර්ථසාධක පොලිය වැඩි කරයි  


(ඔගස්ටා පෙරේරා)
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික පොලීය සියයට 9 සිට සියයට 13 දක්වා ඉහළ දැමූ බවත් එය පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියලාපිටිය මහතා කීය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ගේ පොලිය සියයට 9 ක් දක්වා අඩු කළ අතර සේවක අර්ථසාධක අරමුදල පසුගිය වසරේ ඉහළ ලාභාංශයක් ලැබීම එසේ පොලී ප්‍රතිශතය ඉහළ දැමීමට හේතුව බවත් සියඹලාපිටිය මහතා පැවසීය.
 එම අරමුදලේ සාමාජිකයන් ලක්‍ෂ 27 කට ඉන් ප්‍රතිලාභ හිමිවේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.