චෙන්නායි ‘තුරුම්පු ආසියා’ මතීෂ ආබාධයකින් කැපෙයි


(ෂෙනික ගමගේ)
මෙවර අයි.පී.එල්. තරගාවලියේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව සිටින ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්වීමෙන් තරගාවලියේ ඉතිරි තරග අහිමිවිය.
මතීෂ නැවතත් පාදයේ ආබාධයකට ලක්ව ඇති බවත් ඔහුට සති කීපයක් විවේක ගැනීමට සිදුව ඇති බවත් චෙන්නායි පිල අද නිවේදනය කළේය.  
මතීෂ, ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි මෙහෙයවන චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කරන අතර චෙන්නායි පිල මෙවර තරගාවලියේ මේ දක්වා ලැබූ ජයග්‍රහණ හයට ඔහු වැඩි දායකත්වයක් සැපයීය.
මතීෂ මෙවර තරගාවලියේ සහභාගි වූ තරග 6 කදී කඩුලු 13 ක් දවාගැනීමට සමත් විය.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.