(ෂෙනික ගමගේ)
ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් ක්රීඩකයන්ගේ තරග ගාස්තු සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්රි ලංකා ක්රිකට් ආයතනය තීරණ කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
ක්රීඩකයාගේ තරග ගාස්තුව ඔහුගේ වාර්ෂික ක්රිකට් කොන්ත්රාත්තුව මත පදනම් වන බවත් ඇතැම් ක්රීඩකයන්ට ටෙස්ට් තරගයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 ක පමණ මුදලක්ු ලැබෙනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.


