ආසියානු රග්බි ශූරයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මුදල් තෑගි  


(ෂෙනික ගමගේ)
ආසියානු කුසලාන රග්බි ශූරතාව දිනූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 30,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 90 කට ආසන්න මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව එහි සභාපති ශම්මි සිල්වා මහතා කීය.
ආසියානු ශූරතාව දිනූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් දිරිගැන්වීම සඳහා මෙම ත්‍යාගය පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව කී ශම්මි සිල්වා මහතා මෙරට වෙනත් ක්‍රීඩා දියුණු කිරීමට අනුග්‍රහය දැක්වීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාවලිය යටතේ එම මුදල ප්‍රදානය කළ බව ද සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.