රේගුවේ මැණික් ඉල්ලමක්


(සාලිය සමන්)
නීති විරෝධී ලෙස ඉන්දියාව බලා රැගෙන යෑමට තැත් කළ මැණික් තොගයක් සහ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලේදී ගුවන් තොටුපොල ආරක්‍ෂක අංශ අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් චෙන්නායි බලා පිටත් වීමට පැමිණි එම මගියාගේ ගමන් මල්ලේ ග්‍රෑම් 482.02 ක් බර විවිධ වර්ගයේ කුඩා මැණික් ගල් විශාල ප්‍රමාණයක් තිබූ බවත් ස්කෑන් යන්ත්‍රවලට හසු නොවන ආකාරයට එම මැණික් කාබන් කොළවල ඔතා තිබූ බවත්ය.
එම මැණික් තොගය රුපියල් ලක්‍ෂ 16 ක් පමණ වටින බවට රේගුව තක්සේරු කළ බවත් අරුක්ගොඩ මහතා කීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.