(ඔගස්ටා පෙරේරා)
ආසියාවේ වැඩිම වීසා ගාස්තු අය කරන රට බවට ශ්රී ලංකා පත්ව ඇතැයි මෙරට සංචාරක සේවා සපයන ආයතන පවසයි.
ඩොලර් 52 ක්ව පැවැති මෙරට ඔන්ලයින් වීසා ගාස්තුව ඩොලර් 75 ක් දක්වා වැඩි කර එයට ඩොලර් 18.5 සේවා ගාස්තුවක් සහ ඩොලර් 7.27 ක පහසුකම් ගාස්තුවක් ද අය කරන බවත් ඒ හේතුවෙන් මෙරට සම්පූර්ණ වීසා ගාස්තුව ඩොලර් 100.77 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම ආයතන කියයි.


