(ජනක කරුණාසේකර)
ශ්රී ලාංකීය දරුවන්ගේ ප්රධානම විභාගය වන අපොස සාමාන්ය පෙළ විභාගය (2023) අද (6) ආරම්භ වන අතර විභාගය මේ මස 15 වැනිදා අවසන් වීමට නියමිතය.
විභාගය පෙරවරු 8.30 ට ආරම්භ වීමට නියමිත අතර ආගමික විෂයන් අද පැවැත්වේ.
රටපුරා පුරා මධ්යස්ථාන 3,527 කදී විභාගය පැවැත්වෙන බව කී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මෙවර සාමාන්ය පෙළ විභාගයට අයදුම්කරුවන් 452,979 ක් පෙනී සිටීමට නියමිත බව ද සඳහන් කළේය.
මෙවර පාසල් අයදුම්කරුවන් 387,648 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 ක් විභාගයට පෙනී සිටින බවත් පාසල් විභාග මධ්යස්ථානවලට අමතරව විශේෂ විභාග මධ්යස්ථාන කිහිපයක් ද පිහිටුවා ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


