(ෂෙනික ගමගේ )
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.
විස්සයි20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අබුඩාබිහිදී අද (6) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 15 කින් සත්කාරක එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර අවසන් මහා තරගය හෙට (7) අබුඩාබිහිදී පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් දෙකට බංගලාදේශයේදී ලබන ඔක්තෝම්බර් මස පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ලැබේ.


