වීඑෆ්එස් වීසා ජාතික මංකොල්ලයක්

(සාලිය සමන්)
වීසා බලපත් ලබාදීම වීඑෆ්එස් සමාගම වෙත භාර දීම ජාතික මංකොල්ලයක් බවත්  මෙමගින් වසරකට කෝටි  1800 ක වංචාවක් සිදුවිය හැකි බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී  අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
“වීසා බලපත්‍ර නිකුත් කිරීමේදී, විදේශ සමාගමකට ලබාදීලා තියෙන අවස්ථාව 2012 දි මේක හඳුන්වලා දීලා තියෙන්නේ. මේක හඳුන්වලා දීලා දුන්නු අවස්ථාවේදී මේ ඔන්ලයින් වීසා ක්‍රමය අපගේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන අවස්ථාවේදී සිංගප්පූරුවේවත් එවැනි ක්‍රමයක් තිබුණේ නැහැ. අද වෙනකොට ඒ සිංගප්පූරු ගුවන්තොටුපල ඒ වගේම සෝල් ගුවන්තොටුපල පියවර ගණනාවක් ඉදිරියට ගෙනිහිල්ලා ඒ ක්‍රියාවලිය දියුණු තියුණු කරලා ඉදිරියට ගෙනිහින් තියෙනවා. අපි එක වතාවයි මේක දියුණු කරලා තියෙන්නේ. මේක තවදුරටත් අපිට දියුණු කරන්න පුළුවන්. හැබැයි අද මේ පත්‍රිකාවල සඳහන් වෙලා තියෙනවා කැබිනට් මණ්ඩලයේ ඩොලර් මිලියන දෙසීයක ආයෝජනයක් කරනවා කියලා. හැබැයි මෙතන අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? අර පැරණි ක්‍රමයම, පුද්ගලික ක්‍රියාවලියක් හරහා කරනවා. එක ඩොලරය යන තැනට හෑම සංචාරක ඩොලර් විසි හයක් ලබා ගන්නවා. මෙතන අපේ රවුෆ් හකීම් ඇමතිතුමා පෙන්නලා දුන්නා වගේ මේකෙන් ආසන්න වශයෙන් ආසන්න වශයෙන් කෝටි 1800 ක් අවුරුද්දකට කොල්ල කන තත්වයක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මෙතන ඇවිල්ලා නොයෙක් කතා පවත්වලා වැඩක් නෑ. මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍යයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.