අසිතට වීසා දෙයි: කුසල් තවමත් කොට උඩ


(සාලිය සමන්)
ඇමෙරිකාවේදී ලබන 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට යෑමට ඇමෙරිකානු වීසා ප්‍රතික්ෂේප වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට අද (15) වීසා දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
එක්දින පිලේ නායක සහ ශ්‍රී ලංකා ලෝක කුසලාන පිලේ සාමාජික කුසල් මෙන්ඩිස්ගේ වීසා ද ඇමෙරිකාව ප්‍රතික්ෂේප කළ අතර ඔහුගේ වීසා ගැනීමට ද මේ වන විට කටයුතු කරන බව ද කී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට දිනකින් හෝ දෙකකින් වීසා ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කළේය.
එම ක්‍රීඩකයන් දෙදෙනාගේ වීසා සඳහා අයදුම්පත් යොමු කිරීමේදී සිදුවූ වැරැද්දක් හේතුවෙන් මෙසේ ඇමෙරිකාව වීසා ප්‍රතික්ෂේප කර ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.