(ඔගස්ටා පෙරේරා)
මිනුවන්ගොඩ අල් අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි සිසුන් පිරිසකට භූගෝල විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය නොදුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
භූගෝල විද්‍යා විෂයට දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන් පිරිසක් මෙම අකරතැබ්බයට මුහුණ දී ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන් දැඩි පහසුතාවට පත්ව සිටින බවත් එම නිලධාරියා කීය.
ලංකා ගුරු සංගමය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.


