(ෂෙනික ගමගේ)
විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගි වන ශ්රී ලංකා පිලේ සාමාජික, එක්දින පිලේ නායක කුසල් මෙන්ඩිස්ට ඇමෙරිකානු වීසා අද (16) පස්වරුව දක්වා ලැබී නොතිබුණු බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.
ශ්රී ලංකා පිලේ ජේෂ්ඨතම පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස්ට වීසා නොලැබීම ගැටලුවක් බවට පත්ව ඇති බවත් වීසා ලබා ගැනීමට තවත් දින දෙකකට වැඩි කාලයක් ගතවනු ඇති බවත් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කරයි.
කුසල් මෙන්ඩිස් නැවත වීසා ඉල්ලුම් කර ඒ සඳහා වන ක්රියාපටිපාටිය දෙස බලා සිටින බවත් ඒ සඳහා දැනුවත් කළ යුතු සියලුම පාර්ශව මේ වනවිට දැනුවත් කර ඇති බවත් ක්රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.


