(විරාන් සවිතු)
ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ විරෝධතාවක් අතරතුරදී පුද්ගලයන් තිදෙනෙක් වෙඩි වැදී මරණයට පත්වීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි හිටපු හමුදා මේජර්වරයෙක් ඇතුළු සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) තීරණය කළේය.
වැලිවේරිය නගරයේදී 2013 වසරේ අගෝස්තු මස 1 වැනිදා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් එම පුද්ගලයන්ට චෝදනා එල්ල වී තිබුණු.


