(සාලිය සමන්)
දුම්රිය රියදුරන් පිරිසක් දින තුනක් පුරා ක්රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් අකර්මණ්ය වී ඇති දුම්රිය ධාවනය යථා තත්වයට පත්කිරීම සඳහා විශ්රාමික රියදුරන් කැඳවීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
විශ්රාමක රියදුරන්ට අමතරව රියදුරු පරීක්ෂකවරුන් ද සේවයට කැඳවූ බවත් ඒ අනුව පසුගිය දින තුනේ අවලංගු කළ දුම්රිය 10 ක් පමණ හෙට (10) දිනයේ ධාවනය කරන බවත් එම නිලධාරියා කීය.
දුම්රිය 10 ක් පමණ පස්වරුවේ සියලුම මාර්ගවල පිට පළාත්වලට පිටත්කර හරින බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.


