(ෂෙනික ගමගේ)
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර නිව්යෝක්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 19 කදී ලකුණු 119 කට සීමා විය.
පාකිස්තානු පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 6 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 120 ක් රැස්කළ යුතුය.
ඉන්දීය පිල ඕවර 19 කදී සියලු දෙනා දැවී 119
(රෝහිත් ශර්මා 13, රිෂාබ් පාන්ට් 42, අක්ෂර් පටෙල් 20, නෂීම් ෂා 21/3, මොහොමඩ් අමීර් 23/2, හැරිස් රවුෆ් 21/3)


