මාලිමාවේ පොලිස් සමුළුවට ‘ශානි’ එයි


(සාලිය සමන්)
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගෙ ප්‍රධානත්වයෙන්  මහරගමදී අද (9) පෙරවරුවේ පැවැති ‘මාලිමාවේ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ ජාතික සමුළුවට’ කීර්තිමත් පොලිස් නිලධාරීන් රැසක් සහභාගි වූහ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තතුවේ හිටපු අධ්‍යක්‍ෂ දැඩි කථාබහට ලක්වූ ශානි අබේසේකර මහතා ද එම සමුළුවට සහභාගි වීම කැපී පෙනේ.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරු වන රවී සෙනෙවිරත්න, ජේ. ඒ. කේ. මාර්ක්, ඩී. ගජසිංහ සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දුල්ෂාන් නාගවත්ත යන මහත්වරු ඇතුළු හිටපු පොලිස් නිලධාරීන් රැසක් මෙම සමුළුවට සහභාාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.