(සාලිය සමන්)
සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනා එල්ල වී තිබෙන ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි කොළඹ 7, වෝඩ් පෙදෙසේ සුපිරි නිවාස සංකීර්ණයකින් නිවසක් මිලදීගැනීමට රුපියල් කෝටි 14.8 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 1,480 ක දැවැන්ත මුදලක් ගෙවූ ආකාරය හෙළි වී තිබේ.
පියුමි හංසමාලි එම මුදල පසුගිය වසරේ (2023) අප්‍රේල් මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 22 වැනිදා දක්වා මාස අටකට ආසන්න කාලය තුළ අවස්ථා 15 කදී ගෙවා ඇති අතර අවසන් ගෙවීම ලෙස දෙසැම්බර් මස 22 වැනිදා රුපියල් ලක්‍ෂ 300 ක් සහ ලක්‍ෂ 100 ක් ලෙස රුපියල් ලක්‍ෂ 400 ක් හෙවත් රුපියල් කෝටි 4 ක් අවස්ථා දෙකකදී ගෙවා තිබීම කැපී පෙනේ.
පියුමි හංසමාලි එහිදී ප්‍රයිම්ලෑන්ඩ් රෙසිඩන්ස් ලෙස බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගෙන යන ගිණුමකට අප්‍රේල් මස 25 වැනිදා රුපියල් ලක්‍ෂ 50 ක් ගෙවා නිවස ගැනීම ආරම්භ කර ඊට දින දෙකකට පසු එනම් 27 වැනිදා තවත් රුපියල් ලක්‍ෂ 80 ක් බැංකුගත කර තිබේ.


