(ෂෙවෝන් ප්‍රනාන්දු)
බටහිර ඉන්දීය කොදෙව්හිදී දැන් පැවැත්වෙන නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව අද (28) සමත් විය.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරතරගාවලි ඉතිහාසයේ පළමු ශූරයන් වන ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව මෙය වේ.
ඉන්දීය පිල අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී විස්සයි20 ලෝක ශූරයන් වන එංගලන්තය ලකුණු 68 කින් පරාජය කිරීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කය හඹාගිය එංගලන්ත පිල ඕවර 16.3 කදී ලකුණු 103 කට දවාගැනීමට ඉන්දීය පන්දුයවන්නෝ සමත් වූහ.
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් මහා තරගය හෙට පැවැත්වේ.
ඉන්දියාව ඕවර 20 කදී කඩුලු 7 ට 171
(රෝහිත් ශර්මා 57, සූර්යකුමාර් යාදේව් 47, හර්ද්‍රික් පාණ්ඩියා 23, රවීන්ද්‍ර ජඩේජා 17, ක්‍රිස් ජොර්දන් 37/3)
එංගලන්තය ඕවර 16.3 කදී සියලු දෙනා දැවී 103
(හැරී බෘෘක් 25, ජස්ප්‍රිට් බුම්රා 12/2, අක්ෂාර් පටෙල් 23/3, කුල්දීප් යාදේව් 19/3)


