(ඔගස්ටා පෙරේරා)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා අද (28) නියෝග කළේය.
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වරදකරු කරමින් මහාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.


