(ඔගස්ටා පෙරේරා)
ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කළ බව එම ගෑස් සමාගම අද (2) නිවේදනය කළේය.
නව මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවද එම සමාගම කීය.
ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 100 කින්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 40 කින් සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 18 කින් අඩු කළ බවත් මෙම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 3690 ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 1482 ක් සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 694 ක් දක්වා පහත වැටුණු බවත් එම සමාගම කියයි.


