(ෂෙවෝන් ප්‍රනාන්දු)
වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ තරගයක තහනමක් සහ දඩ මුදලක් පැනවීමට පියවර ගත් බව එල්.පී.එල්. තරගාවලියේ උසස් නිලධාරියෙක් පැවසීය.
පසුගිය වසරේ එල්.පී.එල්. තරගාවලියේ සිද්ධියක් හේතුවෙන් ඔහුට තරගයක තහනමක් පැනවීමට නියමිතව තිබුණද එය පනවා නොතිබුණු බවත් ක්‍රීඩක විනයට මූලිකත්වය දෙමින් එම දඬුවම අද ක්‍රියාත්මක කළ බවත් එම නිලධාරියා කීය.
බිනුර ප්‍රනාන්දු මෙවර තරගාවලියේදී පැළඳුමක් සම්බන්ධයෙන් විනය කඩකිරීමේ චෝදනාවට වරදකරුකරමින් තරග මුදලින් දඩයක් පැනවීමටද කටයුතු කළ බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.


