(ෂෙවෝන් ප්‍රනාන්දු)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ විනය කඩකිරීමේ චෝදනාවට වරදකරුවූ ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංගට තරග මුදලින් සියයට 25ක දඩයක් පැනවීමට කටයුතු කළ බව එම තරගාවලියේ ප්‍රධාන නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන් ඇඳුම් සහ උපකරණ භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ නියමයන් පවතින බවත් වනිඳු එම නියමයන් කඩ කිරීම හේතුවෙන් මෙම දඩය පැනවූ බවත් එම නිලධාරියා කීය.
කැන්ඩි පිල නියෝජනය කරන වනිඳු එම කණ්ඩායමේ ලාංඡනය නොමැති ආරක්ෂක හිස් වැසුමක් පැළඳ පන්දුවට පහරදීමේ වරදට මෙම දඩය පැනවූ බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.


