ක්රීඩා, ප්රධාන පුවත
ශ්රී ලංකාව කඩුලු 8 කින් එංගලන්තය පරාජය කරයි
(ෂෙනික ගමගේ)
ශ්රී ලංකාව සහ එංගලන්තය අතර ලන්ඩන් ඕවල් ක්රීඩාංගණයේ පැවැති තෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය ශ්රී ලංකා ක්රීඩකයෝ කඩුලු 8 කින් ජය ලැබීමට අද (9) සමත් වූහ.
සත්කාරක එංගලන්ත පිල තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1 කින් ජය ලැබීය.
ශ්රී ලංකා පිල ලකුණු 219 ක ජයග්රාහි ඉලක්කය කඩුලු 2 ක් පමණක් දැවී තරගයේ දින එකහමාරක් ඉතිරිව තිබියදී සම්පූර්ණ කිරීම කැපී පෙනේ.
පැතුම් නිස්සංක ජයග්රහණයේ නියමුවා බවට පත්වෙමින් නොදැවී ලකුණු 127 ක් රැස්කිීමට සමත් විය. පැතුම් පළමු ඉනිමේදී ලකුණු 64 ක් ද රැස්කරමින් තරගයේ වීරයා සම්මාන ද ලැබීය.
එංගලන්ත පිල පළමු ඉනිම සියලු දෙනා දැවී 325
(බෙන් ඩකට් 86, ඔලී පෝප් 154, විශ්ව ප්රනාන්දු 46/2, ළහිරු කුමාර 97/2, මිලාන් රත්නායක 56/3, ධනංජය ද සිල්වා 18/2)
ශ්රී ලංකා පිල පළමු ඉනිම සියලු දෙනා දැවී 263
(පැතුම් නිස්සංක 64, ධනංජය ද සිල්වා 69, කමිඳු මෙන්ඩිස් 64, ක්රිස් වෝක්ස් 42/2, ජොෂ් හූල් 53/3, ඔලි ස්ටොනි 35/3)
එංගලන්ත පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 156
(ඩැනියල් ලෝරන්ස් 35, ජැමී ස්මිත් 67, අසිත ප්රනාන්දු 49/2, ළහිරු කුමාර 21/4, විශ්ව ප්රනාන්දු 40/3)
ශ්රී ලංකා පිල දෙවැනි ඉනිම කඩුලු 2 ට 219
(පැතුම් නිස්සංක නොදැවී 127, කුසල් මෙන්ඩිස් 39, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 32)


