පාර්ලිමේන්තුව විසුරුවයි ?

(ඔගස්ටා පෙරේරා) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් තබා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා එම ගැසට් නිවේදනයට අත්සන් කිරීමත් සමඟ අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බලපැවැත්වෙන බව ද එම කාර්යාල ආරංචි මාර්ග කියයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.