දේශීය පුවත්, ප්‍රධාන පුවත
අග්‍රාමාත්‍ය හරිනිට අමාත්‍යංශ පොකුරක්
(ඔගස්ටා පෙරේරා)
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නාය.
හරිනි අමරසූරිය මෙනවිය ශ්‍රී ලංකාවේ තෙවැනි අගමැතියනිය ලෙස ඉතිහාසයට එකතු වූවාය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධිකරණය, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත විද්‍යා හා තාක්‍ෂණ, සෞඛ්‍ය සහ ආයෝජන අමාත්‍යවරිය ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ඉන් පසුව දිවුරුම් දුන්නාය.


