ක්‍රීඩා
ශ්‍රී ලංකා පිල ලකුණු 45 කින් ජය ලබයි
(ෂෙවෝන් ප්‍රනාන්දු , රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
නවසීලන්තයට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (13) පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල ඩක්වත් සහ ලුවිස් න්‍යායට ලකුණු 45 කින් ජය ලැබීය.
ඒ අනුව ශ්‍රී ලංකා පිල තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 221ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත පිල ඕවර 27 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 175 ක් රැස් කළේය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 49.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 324 ක් රැස්කර සිටියදී වර්ෂාව ඇදහැලීමෙන් පැය දෙකකට අධික කාලයක් තරගය අත්හිටුවීමට සිදුවිය.
කුසල් මෙන්ඩිස් පන්දු 128 කදී හතරේ පහර 17 ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 143 ක් ද, අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 115 කදී හතරේ පහර නවයක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 100 ක් ද රැස් කරමින් ජයග්‍රහණය සඳහා හොඳ අඩිතාලමක් දැමූහ.
කුසල් මෙන්ඩිස් (143) සහ අවිෂ්ක ප්‍රනාන්දු (100) දෙවැනි කඩුල්ලට ලකුණු 206 ක සම්බන්ධතාවක් පැවැත්වීම කැපී පෙනුණි.
ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක කාසියේ වාසිය ලබා ලකුණු රැස් කිරීම තෝරා ගත්තේය.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව ඕවර 49.2 දී කඩුලු 5 ට 324
(කුසල් මෙන්ඩිස් 143, අවිෂ්ක ප්‍රනාන්දු 100, චරිත් අසලංක 40,ජේකොබ් ඩුෆි 41/3)
නවසීලන්තය ඕවර 27 කදී කඩුලු 9 ට 175
(ටිම් රොබින්සන් 35, විල් යංග් 48, මයිකල් බ්‍රෙස්වෙල් නොදැවී 34, මහීෂ් තීක්ෂණ 32/2, ඩිල්ෂාන් මධුසංඛ 39/3, චරිත් අසලංක 15/2)


