‘කෝලර්’ වෙතින් ශ්‍රී ලාංකිකයන්ට නව අත්දැකීමක්

(ඔගස්ටා පෙරේරා) ලොව ප්‍රධානතම සහ අති නවීණතම මුළුතැන්ගෙය සහ නාන කාමර කට්ටල නිෂ්පාදකයෙක් වන ‘කෝලර්’ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරයක් නුගේගොඩ, නාවල පාරේ අංක 126 ස්ථානයේ විවෘත කළේය. කෝලර් සමාගමේ ‘සැපවත් ජීවිතයක්’ යන තේමාව යටතේ ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් ආරම්භ කිරීම මෙහිදී කැපී පෙනේ. මහද්වීප හයක නිෂ්පාදන ස්ථාන 50 කට අධික සංඛ්‍යාවකදී ‘කෝලර්’ මුළුතැන්ගෙය සහ නාන කාමර කට්ටල නිෂ්පාදනය කරයි. ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවක් අද දිනය වන විටත් ‘කෝලර්’ නිෂ්පාදන පරිහරණය කරයි. වර්ගඅඩි 2100 ක් විශාලත්වයකින් යුත් මෙම කෝලර් ප්‍රදර්ශනාගාරය නවීණ තාක්‍ෂණයෙන් සමන්විත වෙනවා. මුළුතැන්ගෙයි සහ නාන කාමර කට්ටල මිලදී ගැනීමට එන පාරිභෝගිකායට සැබෑම මුළුතැන්ගෙයක සහ නාන කාමර අත්දැකීම් විදගනිමින් ඒවා තෝරාගැනීමට අවස්ථාව ලැබීම මෙම ප්‍රදර්ශනාගාරයේ සුවිශේෂත්වයයි. මෙම ප්‍රදර්ශනාගාරයට පිවිසන පාරිභෝගිකයන්ට එකකට එකක් වෙනස්කමින් සහ නවීණ තාක්‍ෂණයෙන් වෙනස් මුළුතැන්ගෙයි සහ නාන කාමර කට්ටල තෝරාගැනීමේ අවස්ථාව හිමිවෙයි. විවිධ මිල පාරාසයන්ගේ කට්ටල ද තෝරාගැනීමේ අවස්ථාව ද ලැබීම කැපී පෙනේ. මුළුතැන්ගෙයකට සහ නාන කාමරයකට අවශ්‍ය සියලුම උපකරණ මිලදී ගතහැකි ලෙස එම ප්‍රදර්ශනාගාරය සියලුම භාණ්ඩවලින් සමන්විත වේ. සම්පූර්ණ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මුළුතැන්ගෙයි සහ නාන කාමර කට්ටල ද මෙහිදී මිලදීගැනීමේ අවස්ථාව හිමිවෙයි. ලොව පුරා ඇති පොහොසත් සංස්කෘතීන් වෙතින් අතින් සාදන ලද සහ ආනුභාව ලත් කලාකරුවන් සංස්කරණ නිෂ්පාදන පෙළක් සමඟ වේල් බිත්තිය එල්ලා ඇති සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව වැසි ඇදහැලෙන්නකි. ණදයකැර සෑම දිනකම පාරිභෝගිකයින්ට අද්විතීය අත්දැකීම් ගෙන එයි. මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ‘කෝලර්’ සමාගමේ දකුණු ආසියානු අළෙවි ප්‍රධානී අභිෂේක් අරෝරා මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.