කෝටි 26 ක යාත්‍රාවේ සිද්ධිය යට ගහන්න බලපෑම් කරනවා

  • වරාය ඇමතිට පැමිණිල්ලක්
(ඔගස්ටා පෙරේරා) රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවකදී අනතුරකට ලක්ව සිදුවූ පාඩුව පිළිබඳව පැමිණිළි කිරීමෙන් පසුව එයට සම්බන්ධ නිලධාරීන් කළබල වී ඇති බවත් ඒ හේතුවෙන් පරීක්ෂණවලට බලපෑම් වීම වැලැක්වීම සඳහා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ ගණක හේමචන්ද්‍ර මහතා ඇතුළු චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලා සිටින බවත් පවසමින් ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා, ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාට පැමිණිල්ලක් අද (15) බාරදුන්නේය. දූෂණ විරෝධී ප්‍රතිපත්තිය අනුව යමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයට බලපෑම් කිරීම වැලැක්වීම වර්තමාන ආණ්ඩුවේ වගකීමක් බවත් සාධාරණ පරීක්‍ෂණයක් කර රාජ්‍ය දේපළ අවභාවිත කළ සහ රජයට කෝටි ගණනින් අලාභ කළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් සංජය මහවත්ත මහතා පැමිණිල්ලේ සඳහන් කර තිබේ. මෙම සිද්ධිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට තමන් පැමිණිළි කිරීමෙන් පසුව මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් වෙනත් ක්‍රම ඔස්සේ අදාල යාත්‍රාව ප්‍රයෝජනයට ගන්නේ යැයි පෙන්වීමට උත්සහ කරන බවත් එම යාත්‍රාව පාවිච්චි කිරීමට නුසුදුසු තත්වයක තිබියදී බලහත්කාරයෙන් සේවයේ යොදවා ගැනීමෙන් වරාය සේවක ජීවිත අනතුරකට ලක්වීමේ අවදානමක් ඇති බවත් ඒ මහතා පැමිණිල්ලේ සඳහන් කර තිබේ. එවැනි අනතුරක් වුවහොත් වරාය අධිකාරියේ සභාපතිවරයා සහ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා වගකීම භාරගත යුතු බව ද ඒ මහතා පැමිණිල්ලෙන් වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.