ගාල්ල බන්ධනාගාරයේ පාතාලය ඇවිලෙයි

(සාලිය සමන්) ගාල්ල බන්ධනාගාර තුළ පාතල කල්ලි දෙක සාමාජිකයන් අතර අද (26) පස්වරුවේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ රැදවියන් සිවුදෙනෙක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය. බන්ධනාගරය තුළ ගැටුම වැලැක්වීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ බව කී එම නිලධාරියා බන්ධනාගාරයෙන් පිටත ආරක්‍ෂා සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්‍ෂක අංශ කැඳවා ඇති බව ද සඳහන් කළේය. දකුණේ පාතාලයේ ප්‍රබලයන් යැයි සැළකෙන ‘රත්ගම විදුර’ගේ කල්ලිය සහ ‘කරන්දෙණියේ සුද්දා’ගේ කල්ලිය අතර මෙම ගැටුම ඇතිවී තිබෙන බවත් මෙම කල්ලි දෙකේම සාමාජිකයන් 20 කට අධික සංඛ්‍යාවක් ගාල්ල බන්ධනාගරයේ රඳවා සිටින බවත් එම දෙපාර්තමේන්තුව සදඟන් කළේය. තුවාලකරුවන් ඇතුළත් කර සිටින කරාපිටිය රෝහලේ ආරක්‍ෂාව ද තරකිරීමට පියවර ගෙන ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.