දේශීය පුවත්, ප්රධාන පුවත
යෝෂිතට ඇප දෙයි
(ඔගස්ටා පෙරේරා)
මුදල් විශුද්ධිකරන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (27) පෙරවරුවේ නියෝග කළේය.
යෝෂිත රාජපක්ෂ මහතා ඒ අනුව රුපියල් ලක්‍ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
යෝෂිත රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් ද පැනවූ මහේස්ත්‍රාත්වරයා සෑම මාස තුනකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ද ඔහුට නියෝගයක් පැනවීය.
රත්මලාන ප්‍රදේශයේ නිවසක් රුපියල් මිලියන 34 ක මුදලකට මිලදීගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සෙනසුරාදා (25 වැනිදා) පෙරවරුවේ බෙලිඅත්තේදී යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට එදින ඉදිරිපත් කිරීමෙන් පසුව අද (27) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.


