දේශීය පුවත්, වාණිජ විත්ති
සංචාරකයෝ 177,000 ක් සති 3 කදී එති
(ඔගස්ටා පෙරේරා)
මෙම ජනවාරි මස 22 වැනිදා වන විට විදේශ සංචාරකයන් 177,403 ක් මෙරටට පැමිණි බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවියේ සඳහන්ව තිබේ.
ජනවාරි මස පළමු සති දෙක තුළ පමණක් විදේශ සංචාරකයන් ලක්ෂයක් ඉක්මවා පැමිණීම කැපී පෙණෙන බවත් පළමු සතියේ සංචාරකයන් 54,854 ක්, දෙවැනි සතියේ සංචාරකයන් 57,561 ක් සහ තෙවැනි සතියේ සංචාරකයන් 57,473 ක් ලෙස සංචාරකයන් 169,888 ක් පැමිණි ඇති බවත් එම මණ්ඩලය පවසයි.
මෙම මස 22 වැනිදා දිනය තුළ සංචාරකයන් 7,515 ක් පැමිණි බවත් සංචාරකයන් 9,392 ක් ජනවාරි මස 2 වැනිදා මෙරටට පැමිණි අතර එය මෙම දින 22 තුළ දිනකදී පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්යාව බවත් ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියේ සඳහන්ව තිබේ.
එම කාලය තුළ ඉන්දීය ජාතිකයන් 30,847 ක් ද, රුසියානුවන් 25,608 ක් ද, බි්රතාන්ය ජාතිකයන් 14,959 ක් ද, මෙරට පැමිණ ඇති බවත් එම අධිකාරිය පවසයි.


