උද්ධමනය තවත් අඩු වෙලාලු

(ඔගස්ටා පෙරේරා) කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (31) නිවේදනය කළේය. දෙසැම්බර් මාස උද්ධමනය සියයට සෘණ 1.7 ක්ව පැවැති බව ද එම දෙපාර්තමේන්තුව කියයි. ජනවාරි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා  අඩු වී ඇති බවත් එය පසුගිය දෙසැම්බර් මාසයේ සියයට 0.8 ක  පැවැති බවත් එම දෙපාර්තමේන්තුව කීය. ආහාර නොවන කාණ්ඩයේ දෙසැම්බර් මස උද්ධමනය සියයට සෘණ 3.0 ක්ව පැවැති බව කියන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එය ජනවාරි මස සියයට සෘණ 4.7 ක් දක්වා පහත බැස ඇත බව ද එම දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.