ඕස්ටේ්‍රලියාව ඉනිමකින් ජයගනී

(ෂෙවෝන් ප්‍රනනා්දු, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..) ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිම සහ ලකුණු 242 ක පහසු ජයක් ලැබීමට අද (1) සමත් විය. තරගයේ සිවුවැනි දිනය වූ අද (1) පස්වරුවේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 247 කට සීමා කිරීමට ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නෝ සමත් වූහ. මැතිව් කුනේමන් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පළමු ඉනිමේදී ලකුණු 63 කට කඩුලු 5 ක් සමගින් ඉනිම දෙකේදී ලකුණු 149 කට කඩුලු 9 ක් දවාගැනීමට සමත් විය. වර්ෂාවෙන් බාධා ඇතිවූ තෙවැනි දිනයේ ක්‍රීඩාව අවසන් වන විට පළමු ඉනිමේ කඩුලු 5 ක් දැවී ලකුණු 136 ක් රැස්කර සිටි ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම අද පෙරවරුවේ ලකුණු 165 කට සීමාවිය. ඉනිම පරාජයෙන් ගැලවීමට ලකුණු 489 ක ඉලක්කය වෙනුවෙන් පිට පිටම දෙවැනි ඉනිමේ පන්දුවටට පහර දුන් ශ්‍රී ලංකා පිල පස්වරු 4.16 ට පමණ ලකුණු 247 කට සීමාවිය. දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 53 ක් රැස්කරමින් දෙවැනි ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා බවට පත්විය. ද්විත්ව ශතකයක් රැස්කළ ඕස්ටේ්‍රලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජා තරගයේ වීරයා සම්මාන ලැබීය. දෙරට අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මේ මස 6 වැනිදා ආරම්භ වීමට නියමිතය. ඕස්ටේ්‍රලියාව පළමු ඉනිම ඕවර 154 කදී කඩුලු 6 ට 654 (උස්මාන් කවාජා 232, ට්‍රැවිස් හෙඩ් 57, මානස් ලැබුෂේන් 20, ස්ටීවන් ස්මිත් 141, ජෝෂ් ඉංග්ලිෂ් 102, ඇලේස් කේරී නොදැවී 46, බියු වෙබ්ස්ටර් 23, මිචෙල් ස්ටාක් නොදැවී 19, ප්‍රභාත් ජයසූරිය 193/3, ජෙෆ්රි වැන්ඩසේ 182/3) ශ්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 52.2 කදී සියලු දෙනා දැවී 165 (දිනේෂ් චන්දිමාල් 72, කමිඳු මෙන්ඩිස් 15, ධනංජය සිල්වා 22, කුසල් මෙන්ඩිස් 21, මිචෙල් ස්ටාක් 13/2, මැතිව් කුනේමන් 63/5, නේතන් ලයන් 57/3) ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම ඕවර 54.3 කදී සියලු දෙනා දැවී 247 (දිනේෂ් චන්දිමාල් 31, ඇන්ජලෝ මැතිව්ස් 41, කමිඳු මෙන්ඩිස් 32, ධනංජය ද සිල්වා 39, කුසල් මෙන්ඩිස් 34, ජෙෆ්රි වැන්ඩසේ 53, මැතිව් කුනේමන් 86/4, නේතන් ලයන් 78/4)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.