දේශීය පුවත්, ප්රධාන පුවත
සහල් මෝල් හිමියන්ගේ ලාභය විශ්මිතයි
(ඔගස්ටා පෙරේරා)
මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ලාභය පිළිබඳව දැනගත්තොත් පුදුමයට පත්වන බව ජාතික පසු අස්වැනු කළමනාකරණ ආයතනයේ අධ්යක්ෂ අශෝක රත්නායක අද (7) පැවසීය.
කෘෂිකර්ම අමාත්යාංශයේදී පැවති මාධ්ය හමුවකදී අශෝක රත්නායක මහතා එසේ සඳහන් කළේය.
වී මිල සකස් කිරීමේදී සහල්මෝල් හිමියන්ගේ සියලුම වියදම් සහ ආදායම් පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ බවත් පෞද්ගලික අංශය වැඩි මිලට වී මිලදී ගනිමින් සිටින්නේ ඔවුන් වැඩි ලාභයක් ලබන නිසා බවත් ඒ මහතා කීය.
ගොවියා මාස 6 ක් දහඩිය වගුරවා වී කිලෝ 5000 ක අස්වැන්නක් පමණක් ලබා ගන්නා බවත් මහා පරිමාණයේ සහල්මෝල් හිමියන් දිනකට වී කිලෝ 25000ක් ලෙස මාස හයක කාලයක් මාසයකට දින 25 බැගින් වැඩ කර රුපියල් තිස්හත් ලක්ෂ පනස්දාහක ලාභයක් ලබන බවත් ඒ මහතා සඳහන් කළේය.


