කොළඹ වරායේ වර්ජනයක්

(ඔගස්ටා පෙරේරා) කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ සේවකයන් වැඩ වර්ජනයක් අද (22) පෙරවරුවේ ආරම්භ කළ බව වරාය වෘත්තීය සමිති පැවසීය. එම වැඩවර්ධනය හේතුවෙන් පර්යන්තයේ කටයුතු සම්පූර්ණයෙන්ම මේ වන විට ඇනහිට ඇති බව කී වෘත්තිය සමිතිය නියෝජිතයෝ වරාය පරිපාලනය සහ සේවකයන් අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බවද සඳහන් කළහ. බදු ගැටලුවක් සම්බන්ධයෙන් සේවකයන් මෙම වර්ජනය ආරම්භ කළ බව වෘත්තීය සමිති නියෝජිතයෝ වැඩිදුරටත් පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.