දේශීය පුවත්, ප්‍රධාන පුවත
හිටපු ඇමති දුමින්ද අත්අඩංගුවට
(සාලිය සමන්)
රන් ආලේපිත ටී56 ගිනිඅවිය සම්බන්ධ සිද්ධියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
කොළඹදී විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ මහතා අත්අඩංගුවට ගත් බවත් පොලිස් කණ්ඩායම් හතරක් සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බවත් පොලිසිය කීය.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී එම රන් ආලේපිත ටී56 ගිනිඅවිය පසුගියදා පොලිස් භාරයට ගත්තේය.


