‘ඇන්ජි’ ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගනී

(ෂෙවෝන් ප්‍රනාන්දු) ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස් එළඹෙන බංග්ලාදේශයේ සංචාරයේ පළමු ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (23) නිවේදනය කළේය. ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද එක්දින සහ විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තව දුරටත් ක්‍රීඩා කරන බවත් මීළඟ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ‘සුදු පන්දු’ ක්‍රිකට් ක්‍රීඩාවේ රැදී සිටින බවත් මැතිව්ස් කීය. ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 118 කදී ලකුණු 8,167 ක්, එක්දින ජාත්‍යන්තර තරග 226 කදී ලකුණු 5,916 සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 90 කදී ලකුණු 1,416 ක් රැස්කර ඇති අතර 37 හැවිරිදි මැතිව්ස් ටෙස්ට් කඩුලු 33 ක්, එක්දින කඩුලු 126 ක් සහ විස්සයි20 කඩුලු 45 ක් දවාගෙන තිබේ. බංග්ලාදේශයට එරෙහිව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජූනි මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.