මර්වින් – ප්‍රසන්න නැවත රිමාන්ඩ්

(ඔගස්ටා පෙරේරා) හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරු ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන ජූනි මස 9 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය. මර්වින් සිල්වා මහතා ඇතුළු සැකකරුවෝ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කර විකුණුවේ යැයි චෝදනාවට මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.