දේශීය පුවත්, ප්‍රධාන පුවත
‘හෙළ සිනමාවේ නිළි රැජින’ රටම හඬවා නික්මයයි
(සාගර ජයසූරිය)
‘හෙළ සිනමාවේ නිළි රැජින’ අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද (26) පස්වරුවේ සිදුකෙරිණි.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරිණි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය රජය නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගි වූ අතර අග්‍රාමාත්‍යවරිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ශෝක පණිවිඩය අවමංගල සභාවට ඉදිරිපත් කළාය.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
කළාකරුවන් සහ ප්‍රභූවරු විශාල පිරිසට අමතරව සාමාන්‍ය ජනතාව ද විශාල පිරිසක් නිදහස් චතුරශ්‍රයට පැමිණ සිටියහ.
ඇයගේ දේහයට ගෞරව දැක්වීමට විශාල ජනකායක් කොළඹ නිදහස් චතුරශ්‍රයට රැස්ව සිටි අතර කොළඹ නිදහස් චතුරශ්‍රයේ දේහය තැන්පත් කර තිබියදී අවසන් ගෞරව දැක්වීමට මීටර 500 ක පමණ පෝලිමක් ටොරින්ටන් මාර්ගයේ පැවතුණි.


