දේශීය පුවත්, ප්‍රධාන පුවත
දුම්රිය හදන අමුතු ක්‍රමයක් නියෝජ්‍ය ඇමති කියයි
(ඔගස්ටා පෙරේරා)
දුම්රිය ධාවනය සතියක් දෙකක් හෝ නවතා මෙරට දුම්රිය සේවය හදන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
පසුගිය දිනවල දුම්රිය අවලංගු කිරීම පැහැදිළිවම සැළසුම්සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් මෙම දුම්රිය ගමන්වාර අවලංගු කිරීම පිටුපස පැහැදිළිවම දේශපාලන ඇති අතර දුම්රිය අවලංගු කිරීම ආරම්භ කළ රියදුරන් කවුරුන්ද යන්න නම් වශයෙන් දන්නා බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කීය.
රියදුරන් මෙතරම් සංඛ්‍යාවක් එකවර අසනීප වීමට හැකියාවක් නොමැති බවත් එම සිද්ධිය සම්බන්ධ උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
දුම්රිය අවලංගුවීමට හේතු වූ රියදුරු මහත්වරුන්ගෙන් අනිවාර්යෙන්ම නිදහසට කරුණු විමසන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙඩ නිවාඩු දැමීමට හේතුව විමසන බව ද සඳහන් කළේය.


