ක්රීඩා, දේශීය පුවත්
පන්ජාබ් කිංග්ස් අවසන් මහ සටනට
(ෂෙවෝන් ප්රනාන්දු)
පන්ජාබ් කිංග්ස් පිල ඉන්දීය ප්රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්රිකට් තරගාවලියේ (2025) අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අද (2) සමත් විය.
අහමදාබාද්හිදී අද අලුයම අවසන් වූ සුදුසුකම් ලැබීමේ අවසන් තරගයේදී පන්ජාබ් කිංග්ස් පිල කඩුලු 5 කින් මුම්බායි ඉන්දියන්ස් පිල පරාජය කිරීමට සමත් විය.
පන්ජාබ් කිංග්ස් පිල ලකුණු 204 ක ජයග්රාහී ඉලක්කය ඕවර 19 කදී කඩුලු 5 ක් දැවී සම්පූරණ කිරීමට සමත් විය.
ඒ අනුව අවසන් මහ තරගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සහ පන්ජාබ් කිංග්ස් පිල අතර අහමදාබාද්හිදී හෙට (3 වැනිදා) පැවැත්වීමට නියමිතය.
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 203
(ජොනි බෙයාස්ටෝ 38, තිලක් වර්මා 44, සූර්්යකුමාර් යාදේව් 44, හර්ද්රික් පාණ්ඩියා 15, නමාන් ධීර් 37, අෂ්මතුල්ලා ඔමාර්ෂායි 43/2)
පන්ජාබ් කිංග්ස් පිල ඕවර 19 කදී කඩුලු 5 ට 207
(ජොෂ් ඉන්ලිස් 38, ශ්රේයාස් අයියර් නොදැවී 87, නෙහාල් වඩ්හේරා 48, අෂ්වානි කුමාර් 55/2)


