ක්රීඩා
බැංගලෝර් වසර 18 කට පසු ශුරතාව දිනයි
(ෂෙවෝන් ප්රනාන්දු)
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්රීඩකයෝ ඉන්දීය ප්රීමියර් ලීග් (අයි.පී.එල්.) ක්රිකට් තරගාවලියේ (2025) ශූරතාව දිනාගැනීමට අද (3) සමත් වූහ.
වසර 18 ක අයි.පී.එල්. ඉතිහාසයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වීම ද කැපී පෙනේ.
අහමදාබාද්හිදී අද (3) රත්රි පැවැති අවසන් මහා තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ලකුණු 6 කින් පන්ජාබ් කිංග්ස් පිල පරාජය කිරීමට සමත් විය.
ලකුණු 191 ක ජයග්රාහි ඉලක්කය හඹාගිය පන්ජාබ් කිංග්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 184 ක් පමණි.
ලකුණු 17 කට කඩුලූ 2 ක් දවාගත් කුනාල් පාණ්ඩයා අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
මුම්බායි ඉන්දියන්ස් පිලේ සූර්යකුමාර් යාදේව් මෙවර තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලු 9 ට 190
(විරාට් කෝලි 43, මයාන්ක් අගර්වාල් 24, රජාට් පාටිදර් 26, ලියාම් ලිවින්ස්ටන් 25, ජිටිෂ් ශර්මා 24, අර්ෂ්දීප් සිං 40/3, කිලී ජෙමිසන් 48/3)
පන්ජාබ් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 184
(ප්රියන්ෂ් අර්යා 24, ප්රබ්සිමරන් සිං 26, ජොෂ් ඉන්ලිස් 39, ශෂාන්ක් සිං නොදැවී 61, බුවනේෂ්වර් කුමාර් 38/2, කුනාල් පාණ්ඩයා 17/2)


