දේශීය පුවත්
“බීඅයිඑම්ටී කැම්පස් පරිසර පොරොන්දුව” මැතිව්ස් පරිසර සුරකින්න එක්වෙයි
(සාරංගිකා ගමගේ)
ශ්රී ලංකා සුපිරි ක්රිකට් ක්රීඩක ඇන්ජලෝ මැතිව්ස් ‘බීඅයිඑම්ටී කැම්පස් පරිසර පොරොන්දුව’ පොල් සහ කොස් පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනේ සන්නාම තානාපතිවරයා ලෙස කටයුතු කරයි.
මෙම වැඩසටහනෙන් පොල් සහ කොස් පැළ ලක්ෂයක් පළාත් නවය ආවරණය වන පරිදි රෝපණය කිරීමට නියමිතය. එහි පළමු පියවර ලෙස ලබන ජූලි මස බස්නාහිර පළාතේ පැළ 3,000 ක් රෝපණය කිරීමට සැළසුම් කර ඇත.
ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ ජාතික ක්රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් ලෙස අනාගත පරපුර වෙනුවෙන් යුතුකමක් සහ වගකීමක් ඉටුකිරීමට ලැබීම පිළිබඳව සතුටු වන බවත් එම ජාතික යුතුකම ඉටුකිරීමට තමන් සමඟ මෙරට ජනතාව එකතු වනුඇතැයි බලාපොරොත්තු වන බවත්ය.
‘බීඅයිඑම්ටී කැම්පස්’ ආයතනයේ සභාපති හේමකුමාර ගුණසේකර මහතා පැවසුවේ ‘බීඅයිඑම්ටී කැම්පස් පරිසර පොරොන්දුව’ පැළ රෝපණය කිරීමේ වැඩසටහනට මෙරටින් සම්බන්ධකරගත හැකි ජනතාව ආදරය කරන සහ ජනතාවට ආදරය කරන පුද්ගලයෙක් ලෙස ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියෙන්ම සිටි නිසා ඔහු තෝරාගත් බවයි.
මෙම වැඩසටහනට ශ්රී ලංකා මධ්යම පරිසර අධිකාරියේ ද සහයෝගය හිමිව තිබේ.


