ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත RIDE ශක්තිය ලැබෙයි

(ෂෙවෝන් ප්‍රනාන්දු) දේශීයව නිෂ්පාදනය කරන ශක්තිජනක පානයක් වන ‘රයිඩ්’ (RIDE) ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි වසර දෙකේ නිල ශක්ති ජනක පාන සහකරු ලෙස අනුග්‍රාහකත්වයකට අද (4) පස්වරුවේ එළඹිණි. එම අනුග්‍රාහකත්වය පිරිනැමීම වෙනුවෙන් වූ RIDE ශක්තිජනක පානය අලෙවි කරනු ලබන කාගිල්ස් සිලෝන් පී.එල්.සී. හි අනුබද්ධිත සමාගමක් වන කාගිල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ලිමිටඩ් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වූ ගිවිසුම් අත්සන් තැබීම සහ හුවමාරු කර ගැනීම කොළඹදී සිදු කෙරිණ. වසර 2 ක කාලයක් හෙවත් ලබන 2027 දක්වා බලපැවැත්වෙන පරිදි අත්සන් තැබුණු මෙම අනුග්‍රාහක ගිවිසුම යටතේ මෙරටදී පැවැත්වෙන ද්වීපාර්ශ්වික ජාත්‍යන්තර තරගවලදී දෙපිලේම නිල ශක්ති ජනක පානය සපයන්නා ලෙසින් RIDE කටයුතු කරනු ඇති බව කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය. ‘සැබෑ බලශක්තිය‘ යන සන්නාමය යටතේ දේශීයව නිපදවනු ලබන RIDE ශක්තිජනක පානය ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු ඉදිරි පියවරක් නියෝජනය කරමින් සිටියි. ජාත්‍යන්තර වේදිකාවේ ශක්තිමත් තානාපතිවරයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු කීර්තිනාමය, RIDE ශක්තිජනක පානයට ගෝලීය වෙළෙඳපොළ වෙත පහසුවෙන් පිවිසීමට සහාය වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.