දේශීය පුවත්, ප්රධාන පුවත
සිරකරුවෙකුට දින 10 කින් ජනාධිපති සමාව දීලලු
(සාලිය සමන්)
අනුරාධපුර මහාධිකරණය සිරදඩුවම් පැනවූ පුද්ගලයෙක්ට දින 10 ක් තුළ වර්තමාන ජනාධිපතිවරයා සමාව දී ඇතැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අනුරාධපුර මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මැතිණිය අතුල සේනාරත්න නැමැත්තා දණ්ඩනීති සංග්‍රාහයේ 286 වගන්තිය යටතේ මැයි මස 2 වැනිදා වරදකරු කර ඇති බවත් ඊට දින 10 කට පසුව මැයි මස 12 වැනිදා වෙසක් පොහොය දින ඔහුට ජනාධිපති සමාවක් දී ඇති බවත් ඒ මහතා කීය.
අදාල පුද්ගලයාට අධිකරණවල තවත් නඩු 20 කට වැඩි ප්‍රමාණයක් ඇති බව කී අජිත් පී. පෙරේරා මහතා අයුක්තිය ඉටු කරමින් ජනාධිපති සමාව ලැබෙන යුගයක් නිර්මාණය වෙමින් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.


